



Forex යනු අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයිය හැකි පහසුම ක්‍රමයයි.ලෝකයේ මිලියන ගණනක් ජනතාව තම නිවසේ සිටම මෙමගින් මුදල් උපයයි . ඔබටත් නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් අති විශාල මුදලක් මෙමගින් උපයා ගත හැක. සමහර වෙබ් අඩවි වල සදහන් කරන පරිදි Forex මගින් රු. 50000 - 100000ක පමණ මුදලක් මසකට ඉපයිය හැකිය.
සැ. යු. - නමුත් බොහෝමයක් වෙබ් අඩවි වල සදහන් නොකරන කරුණක් වනුයේ නිසි අවබෝධයක් නොමැතිව ගණුදෙණු කිරීමට යාමෙන් ඔබ ආයෝජනය කල මුදල සහ ඔබ මාස ගණනක් ඉපයු මුදල එක දවසකින් සමහර විට පැය කිහිපයකින් ඔබට අහිමි වී යා හැකිය. ඩොලර් 50000ක් සහිත ගිණුම් පවා නිසි අවබෝධයක් නොමැති කමින් සම්පුර්ණයෙන්ම Loss වී ඇති අවස්ථාද ඇත.
එම නිසා ඔබ forex කිරීමට බලාපොරොත්තු වන්නේ නම් යම් කිසි කාලයක් වැය කර forex market එක පිළිබදව හොද අවබෝධයක් ලබා ගෙන පුහුණු ගිණුම් (demo account) මගින් හොද පුහුණුවක් ලබා ගෙන මෙහි ගණුදෙණු කර ලාභ ලැබිය හැකියි කියා ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් මුදල් ආයෝජනය කරන්න. නැතහොත් ඔබගේ වටිනා මුදල් නිකරුනේ නාස්ති වී යාහැකිය. මෙම අඩවිය මගින් forex market එක පිළිබදව න්‍යායාත්මක සහ ප්‍රායෝගික යම් දැනුමක් ඔබට ලබා දීම මාගේ අරමුණයි. මෙම පාඩම් හොදින් අධ්‍යයනය කර සාර්ථක forex trader කෙනෙක් වීමට ඔබත් උත්සාහ ගන්න.
forex යනු ?
foriegn exchange යන වචන දෙකේ එකතුවෙන් forex යන වචනය සෑදී ඇත. එනම් forex යනු විදේශීය මුදල් වර්ග එකිනෙකට මිලදී ගැනීම හා විකිණීමයි.
foriegn + exchange = forex
forex වෙළෙද පොළ යම්තාක් දුරට කොටස් වෙළෙද පොළට සමාන වේ. කොටස් වෙළෙද පොළේදී කොටස් මිලදී ගෙන මිල ඉහල ගිය පසු විකුණා ලාභ ලබන්නාක් මෙන් forex වෙළෙද පොළේදී විදේශීය මුදල් මිලදී ගෙන මිල ඉහල ගිය පසු විකුණා ලාභ ලැබිය හැකිය. නමුත් කොටස් වෙළෙද පොළේදී මෙන් නොව forex වෙළෙද පොළේදී මිල පහල ගිය පසුද ලාභ ලැබිය හැකිය. ඒ කෙසේද කියා ඉදිරි ලිපි වලදී ඔබට අවබෝධ වනු ඇත.
forex market එක පිළිබදව සරල උදාහරණයක් මගින් අවබෝධ කර ගනිමු.
a නැමැති පුද්ගලයා සතුව රු. 200ක් ඇතැයි සිතමු. එම අවස්ථාවේ විදේශ විනිමය අනුපාතයට අනුව us$ 1 = rs 100 නම් ඔහුට රු. 200න් us$ 2ක් මිලදී ගත හැක.
සතියකට පසුව us$ 1 = rs 110 වුයේ නම් ඔහු මිලදී ගත් 2$ විකිණීමෙන් (110 x 2 = 220 නිසා)රු. 20ක ලාභයක් ලැබිය හැකිය.
forex වෙළෙද පොළෙහි ගණුදෙණු සිදුකර ලාභ ලබා ගන්නේද මේ ආකාරයටයි. නමුත් මීට වඩා මදක් සංකීර්ණයි. නමුත් පහත ලිපි එකිනෙක පිළිවෙලට කියවීම මගින් එය ඔබට පහසුවෙන්ම අවබෝධ කර ගත හැකි වෙනු ඇත.